Covid 19World

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වෛරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85,940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82,941කි. ඉන්දියාවේ ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීම් හමුවේ රෝගය බෝවන වේගය අඩුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එසේම චීනයේ සිදුවූ මරණ 4,600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2,752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් මරණ අනුපාතය අඩුවී ඇතැයි බලධාරීහු පවසති.සමස්ථ ආසාදන වලින් තුනෙන් එකක් මහාරාෂ්ට්‍රයෙන් වාර්තා වන අතර මුම්බායි නගරයේ වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

තමිල්නාඩු, ගුජරාට සහ දිල්ලි නගර වලින්ද රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේවා රටේ වැදගත්ම ආර්ථික නගර වන නමුත් නැවත විවෘත කිරීම හේතුවෙන් ආසාදතයන් වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

අඩපන වූ ආර්ථිකය නැවත විවෘත කරන ලෙස ප්‍රාන්ත නායකයින්, ව්‍යාපාරිකයින් සහ කම්කරු ප්‍රජාව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියද රජය පවසන්නේ අගුලු දැමීම දීර්ඝ කරන බවයි.

මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ඉන්දියාවේ අති විශාල ජනගහනයක් සිටියද කොරෝනා වෛරස පරීක්ෂණ සිදුකරන්නේ අඩු ප්‍රමාණයක් බවයි.රජය පරීක්ෂණ වේගවත් කළ ද ඉතාලිය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවලට වඩා ඉන්දියාව බොහෝ පසුපසින් සිටින බව ඔවුහු පවසති.

Related posts

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙමින් පවතිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 21ක්

colombotoday

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

colombotoday

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

colombotoday