Colombo Today Local News

ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 හෙළි කරන්නද? ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපති ජයන්ත ජයසුරිය මහතාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන ඇලෝසියස්ගේ  සමාගමෙන් මුදල ගත් 118 දෙනකු සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර ඔවුන්ගේ නම් හෙළි කරන්නැයි මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳව නිතිපතිවරයාගේ මතය විමසා ඇත.

මහබැංකු බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ කොටසක් ප්‍රසිද්ධියට පත් කර ඇතත් තවත් කොටස් කිහිපයක් මේ වන විට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා තිබේ.

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර ඇතත් එම තොරතුරු සංවේදී තොරතුරු ලෙස සළකා වසර 30 ක් යන තෙක් ලබාදිය නොහැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර අද (1) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසන් වාර්තාවේ හෙළි නොකළ තොරතුරු හෙළි කළ හැකි දැයි තමා නීතිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව කීවේය.

එම තොරතුරු හෙළිකළ හැකි බව නීතිපතිවරයා දැනුම් දුනහොත් සියලු තොරතුරු අදාළ පාර්ශව වලට ලබාදෙන බවද ජනාධිපති ලේකම්වරයා කීවේය.

Related posts

නියෝජ්‍ය ඇමතිධූර නම් ටිකක් වැඩිවෙයි

Admin

ශ්‍රීලනිපය දෙකඩයි.. වගකීම මෛත්‍රී භාරගත යුතුයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

විග්නේශ්වරන්ගේ ගෝලයෙක් ප්‍රභාකරන්ගේ ඡායාරුප යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල

colombotoday

“උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නෑ.. ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවීමයි අවශ්‍ය” – අස්ගිරි මහානාහිමි

colombotoday

උහන බණ්ඩාරදූව හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

colombotoday