Colombo Today Local News

ඇල්ලේ ගුණවංශ හිමි වරාය වෘත්තීය සමිති සමග ආණ්ඩුවට එරෙහි විරෝධතාවට එක්වේ.. විරෝධතාකරුවනට කළු පටි බදිති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීම සඳහා මේ වන විට විෂය භාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වරාය වෘත්තීය සමිති චෝදනා කරයි.

ඊට විරෝධය පාමින් වරාය වෘත්තීය සමිති විසින් ඊයේ දිනයේ වැඩවර්ජනයක් ආරම්භකරන ලදී.

එම වැඩවර්ජනය සඳහා අනුශාසනා කිරීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද එක් වූ අතර උන්වහන්සේ වර්ජකයන්ගේ අත් වල කලු පටි බැඳීමෙන් කළු සතියක් ප්‍රකාශයට පත් කරන ලදී.

උන්වහන්සේ එහිදී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමටත් තමන් වහන්සේලා ද ඉතා වුවමනාවෙන් වැඩ කළ ද මේ ආකාරයේ දේවල් බලාපොරොත්තු නොවූ බවයි.

ආණ්ඩුවට ඉතා සීමිත කෙටි කාලයක් තවත් ලබාදෙන බවත් මේ ආකාරයෙන් ජාතික සම්පත් විකුණා දැමීමට කටයුතු කළ හොත් ආණ්ඩුව හැදීමට මහන්සි වූවා සේම ඊට විරුද්ධ වේදිකාවේ නැගීමට ද පසුබට නොවන බව උන්වහන්සේ කියා සිටියහ.

Related posts

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

colombotoday

හෙට රන්ජන්ට සමාව ඉල්ලා සජිත්ගෙන් ට්ව්ටර් පණිවුඩයක්

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන අපව දැනුවත් කර තිබුණේ සතියකට කලින්…

colombotoday

තුර්කි ත්‍රස්තයන් මෙරට මාධ්‍ය තුළට රිංගයි

colombotoday

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වෙයි…

colombotoday

උ/නැගෙනහිර වෙනම රාජ්‍යයක්, වතුකරයේ ස්වාධීන කලාපයක් ඕනෑ – විග්නේශ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday