Colombo Today Local News

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

කොරෝනා මර්දන ෆයිසර් එන්නත්කරනය සම්බන්ධ පූර්ණ බලය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදීමේ තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද (30)දින කීය.

එන්නත් ලබා දිය යුතු ක්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක්‍රියාවක් බවත් හෙතෙම කීවේය.

ඊට අදාළ සියලු තීන්දු තීරණ සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් එම් ආනෝල්ඩ් මහතාගේ මූලිකත්වයෙන් පිහිටවූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රිය ස්ථානයකින් සිදුවිය යුතු බවද හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

එහෙයින් යුද හමුදාව වෙත එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබද දැඩි විරෝධය නැවතත් පල කරන බවත් සඳහන් කළ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මෙම අවිධිමත් වැඩපිලිවෙල හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (29)දින ලිඛිත දැනුම් දීමක් කළ බවද කීවේය.

Related posts

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුරට ගෝලයෙක් පත්කරගන්න හිස්බුල්ලාගෙන් බලපෑම් !

colombotoday

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday