Colombo Today Local News

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

කොරෝනා වෛරසය හෙවත් COVID  19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ. එවැනි අවස්ථාවල ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය කර ඇත. මෙසේ ජනයා ඒකරාශීවීම කොරෝනා මර්දන වැඩසටහන්වලට බලවත් බාධාවකි.

එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පතිසී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කොට තිබේ. ඒ අනුව ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ක්‍රම 04කට සිදු කෙරේ.

ඒ පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාල  සහ පොලිස් ස්ථාන මගිනි.

Related posts

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

චීන පොහොරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

colombotoday

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday