Colombo Today Local News

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගෙන නඩු පැවරූ පුද්ගලයින් 7387 දෙනෙකුට දඬුවම් නියම කරයි

ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන නඩු පැවරූ පුද්ගලයින් 7387 දෙනෙකුට දඬුවම් නියම කර තිබේ.

මේ වන විට ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 18,992 දෙනෙකුට නඩු පැවරා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අද උදෑසන 06.00න් අවසන් වූ ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 138ක් පොලිස් භාරයට ගෙන තිබේ.

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 62,162 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථවාහන 17,460ක් සිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…

colombotoday

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

colombotoday

හෙම්මාතගම දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී විදෙස් කතක් මරුට

Admin

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin