Colombo Today Local News

ආරක්ෂක ලේකම්ගේ නිළ නිවසේ රාජිත පදිංචි වෙයි.. ආරක්ෂක ලේකම්ට යනඑන මං නැතිවෙයි!

rajitha senarathn 256

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට තම රාජකාරි කටයුතු පහසුවෙන් කරගෙන යාම සදහා කොළඹ ස්ථීර නිල නිවසක් නොමැති බව වාර්තාවනවා. ඊට හේතු වී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා භාවිතා කළ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් නිළ නිවස වත්මන් ආරක්ෂක ලේකම්වරයාට හිමිවිය යුතුව තිබුණද එම නිළ නිවස රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් බලත්කාරයෙන් තම භාවිතයට ගැනීමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අමාත්‍යවරයා වෙත වෙන් කර ඇති නිළ නිවස පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ භාවිතයට ලබා දී රාජීත සේනාරත්න අමාත්‍යවරයා පැමිණ ආරක්ෂක ලේකම්වරයාගේ නිල නිවසේ පදිංචි වී තිබේ.

කබල්ලැවෙකු ගෙට රිංගා ගැනීම නිසා ඉත්තෑවාට වූ වින්නැහියට මුහුණ දී සිටින ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටආරච්චි මහතා ස්ථීර නිළ නිවසක් නොමැතිකම නිසා සිය තනතුරේ රාජකාරි කටයුතු පහසුවෙන් කරගෙන යෑමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි ColomboToday.com වෙත වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රජයේ ඉහළම මට්ටමේ තනතුරක් දරන නිළධාරියෙකුට රජයෙන් ලැබෙන වරප්‍රසාද පවා තමන්ගේ සුඛවිහරණය සදහා පවරාගනිමින් රාජිත සේනාරත්න වැනි ‘යහපාලන නියමුවන්’ දිගින් දිගටම සිදුකරමින් සිටින දෙකයි පනහේ වැඩ ‘යහපාලනය’ සදහා කෙතරම් ගැලපෙන්නේදැයි යන ප්‍රශ්නය සමාජය ඉදිරියේ ඇත.

 

Related posts

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin

නව ව්‍යවස්ථා යෝජනාවල තියන්නේ NGO කාරයන්ගේ අදහස් – මධ්‍යම මහඇමති

colombotoday

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

ඉන්ධන ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට

Admin