Colombo Today Local News

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

එදා ආප්ප කාලා මහින්ද මහත්තයට විරුද්ධ වෙලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේට නව සන්ධානයේ නාමික සභාපතිකම හෝ ලබා දීමට ගනු ලැබූ තීරණය ගැන තමන් මෙන්ම පොහොට්ටුවේ වැඩි දෙනෙක් විරුද්ධ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.

පක්‍ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන එම නව සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද සිය අකමැත්ත ප්‍රකාශකරන බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානයක් බිහිවීම පිළිබඳව මම මුල ඉදලම කියපු දේ තමයි මොන සන්ධානය හැදුවත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් බව. මම තවමත් කියන්නේ අපිට ශ්‍රිලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි. මම දරපු ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මම තවමත් කියන්නේ අපට තනිව ඉල්ලලා දිනන්න තිබුණා. ඒ වගේම මෛත්‍රී සම්බන්ධ කර නොගත යුතු ව තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් අද මේ රට තිබෙන තත්ත්වයට වගකිව යුතුයි. එදා මහින්ද මහත්තයට විරුද්ධව ආප්ප කාලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා රටට කරපු විනාශයට කිසිසේත් සමාව දෙන්න පෞද්ගලිකවම මට බෑ. පහුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දය දුන්න මිනිස්සු බහුතරය විරුද්ධයි.

මට වගේම රටේ බහුතරයකටත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තවමත් සත පහකටවත් විශ්වාස නෑ.

මම මගේ විරෝධය මහින්ද මහත්තයටත්, බැසිල් මහත්තයටත් කිව්වා. මම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පොහොට්ටුව ලකුණින් තරග කරන්න ඉඩ දිය යුතු නෑ. හැබැයි මම මේක දකින්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදීමක් විදිහටයි. එදා එයා කව්වා, අලුතින් පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියල. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අද ඒ පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටවපු සන්ධානයේ සභාපතිකම ගන්න වෙලා තියෙනවා. ඔහුට එහෙම වුණ එක ගැන මට තියෙන්නේ සතුටක්. නමුත් ඔහු සමඟ එකතු කරගෙන මැතිවරණයට යාම පිළිබද ව මම එදත් අදත් හෙටත් විරුද්ධයි.”

Related posts

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

colombotoday

අර්ජුන – දයාසිරි කැබිනට්ටුවේදී ගැටෙයි.. දයාසිරි ක්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි !

colombotoday

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin

වෛද්‍යවරු අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවති !

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday