Colombo Today Local News

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත රියැදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටිනවා.

එමෙන්ම අවයව දන්දීමේ මෙම පුණ්‍ය කර්මයට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර ක්‍රියාව අගයකිරීම සඳහාද ඉදිරියේදී කටයුතු සැලසුම් කරමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

හදිසි අනතුරක් මඟින් මොළය මියගිය අවස්ථාවකදී හෝ අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නටත් දුරකථන අංක 081-2226522 මඟින් මහනුවර මහ රෝහලේ අවයව බද්ධකිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම්දීම මඟින් මේ සඳහා දායක විය හැකි බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය දන්වා සිටිනවා.

Related posts

නැගෙනහිර උසාවි 7න් 6කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි !

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday