Colombo Today Local News

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

ඌව,සබරගමුව සහ දකුණු පළාත්වල හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා ඉකුත් (30)දින කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

අවසන් කටයුතු ලබන ජූනි මස 3 වනදා ප.ව. 4.00 ට බදුල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

දේශපාලන ප්‍රභූන්ගේ හා හිතවතුන්ගේ ගෞරව දැක්වීම සඳහා දේහය අද(31)දින පෙ.ව. 9.00 සිට ප .ව. 6 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබයි.

එතැන් සිට හෙට (1)දින ප ව. 1.00 ට දේහය කොළඹ සිට බදුල්ල බණ්ඩාරනායක මාවතේ පිහිටි සිය නිවස දක්වා රැගෙන ඒමට නියමිතය.

ජුනි මස (3)දින තෙක් මහජන ගෞරවය සඳහා සිය නිවසේ තැන්පත් කරන දේහය එදින ප.ව. 3.00 ට නිවසේ සිට බදුල්ල අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ගොස් එහිදී විනාඩි 30 ක පමණ කාලයක් තැන්පත් කර විනිසුරුවන්ගේ, නීති වේදීන්ගේ හා අධිකරණ කාර්යමණ්ඩලවල අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සැලසීමට අවමංගල්‍ය උත්සව කමිටුව තීරණය කර තිබේ.

ඉක්බිති,දේහය බදුල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

මාෂල් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ සහ ක්‍රිෂේලි පෙරේරා මහත්මිය ගේ පියාණන්ය.

විශ්‍රාම ලත් පාඨශාලාචාරිනි දයා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂ යාය.

1955 දි නීතිවේදියෙක්වූ මාෂල් පෙරේරා මහතා ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රබලයෙක් ද විය ඔහු බදුල්ලට පැමිණ ඇත්තේ 1960 දීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර මහතා ට එරෙහිව නුවරඑළිය අධිකරණයේ විභාගවු නඩුවලට පෙනී සිට ඇති හෙතෙම 1971 ද කැරලිකරුවන්ට සහාය දැක්වීමේ චෝදනාව යටතේ සිර ගත කිරිමකටද ලක්ව තිබේ.

2003 දී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන් මාෂල් පෙරේරා මහතා සබරගමුව, දකුණ හා ඌව පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.

අවසන් වරට ඌව ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්ව සිටිය දී ඒ මහතා රෝගාතුර විය. මිය යන විට ඒ මහතා 89 වැනි වියේ පසුවිය.

Related posts

බල්ලෙකුටවත් කන්න බෑ කියා ජනපති කියූ “ශ්‍රී ලංකන්“ කජු මන්ත්‍රී නාමල් රසකර කයි…

colombotoday

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

colombotoday

රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේ

Admin

රුසියාව, ශ්‍රී ලංකාව වෙත නැවතත් පියාසර කිරීම අරඹයි

colombotoday

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday