Colombo Today Local News

අපේම අය කකුලෙන් ඇද්දා, පහුගිය කාලේ එජාපය රටට කෙළේ හොදක් නෙවෙයි – තිස්ස පරාජය හේතු කියයි

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ ඇතැමුන් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමත් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අදහස් දක්වමින් පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ රටට අහිතකර වැඩ මෙන්ම උතුරේ දෙමළ දේශපාලඥයින් සමඟ ඇති කර ගත්තා යැයි සදහන් ගිවිසුම් පිළිබදව දකුණේ සිංහල බෞද්ධ ජනතාව අතර විශාල සැකයක් හා බියක් ඇතිවී තිබීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වූ බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා අන් සියළු දේටත් වඩා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී වන දකුණේ මධ්‍යස්ථ බහුතර ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වීමද මෙම පරාජයට හේතු වු බව පෙන්වා දුන්නේය.

මේ සියළු අභියෝගයන් හමුවේ වුවද සජිත් ප්‍රේමදාස මහතා බිම් මට්ටමේ පාක්‍ෂිකයින් දිනා ගනිමින් පක්‍ෂයට හොඳ ජන්ද පදනමක් ඇති කර දීමට මේ මැතිවරණයෙන් සමත් වීම අගය කළ යුතු කරුණක් බවයි අත්තනායක මහතා කියාසිටියේ.

හොද ජවයකින් රටට වැඩ කිරිමට ඔහුට තිබූ අවස්ථාව අහිමි වීම මේ රටේ අනාගතය පිළිබදව සුභ දැක්මක් ඇති තරුණයන්ට සිදුවු ආධාරණයක් ලෙස තමන් දකින බවත් ඔහු පැවසුවේය.

පරාජයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පක්‍ෂයේ සියළු තනතුරු වලින් ඉවත් වූයේ ඉදිරියේදී තවතවත් ශක්තිමත් අයුරින් ජනතාවට සේවය කිරීම සදහා සුදුසු වටපිටාවක් සකස් කර ගැනීමේ අරමුණින් බවද ඉදිරියේදී නව දැක්මක් සහිත නව ගමනකින් රටට සේවයක් කිරීම ඔහුගේ ඉදිරි අරමුණ බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සරත් සමරනායක – මහනුවර
– lankanewsweb.net

Related posts

කටුවාපිටියේ මරාගෙන මැරුණු බෝම්බ කරුගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක්

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා | සජිත් ප්‍රේමදාස තග දමයි.

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday