Colombo Today Local News

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

අතීත පාලකයන්ට දොස් නැගිය යුතු නැති බවත්, ඒ සියලූම බාධක ජය ගෙන තමන් රට ගොඩ නගන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තමන් ජනපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් බවත් එම නිසා එම වගකීම පිළිබඳ නිසි අවබෝධයක්ද තමන් සතු බව ජනපතිවරයා ප්‍රකාශ කළා.

ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමතමින් ජනපතිවරයා මේ බව කියා සිටියා.

එහිදි අදහස් දැක්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා

“රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ ජය අපේක්ෂාවෙන් සැකසූවක් නොවේ. එය විද්වතුන් සහ ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් සමග වසර ගණනාවක අධ්‍යයනයකින්, ජනතා මෙහෙවර වෙනුවෙන් සම්පාදනය කළ එකකි. බොහෝ ආයතන වසර ගණනාවක සිට හුදෙක් රැකියා සපයන ස්ථාන බවට පත්ව තිබේ. මේ අයුරින් රට ඉදිරියට ගෙන යා නොහැක. ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම නව සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක්. පවතින ක්‍රම වෙනුවට නව මඟක් ඔස්සේ බිඳ වැටී ඇති ආයතන ගොඩනැගීමට පියවර ගත යුතුයි.” යනුවෙන්ද ප්‍රකාශ කළා.

Related posts

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි

colombotoday

පෙම් සබධතාවට බැන වැදීමෙන් සිත් තැවුලට පත් 15 හැවිරිදි දැරිය ගිනිතබා ගෙන

colombotoday

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

colombotoday