Colombo Today Local News

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11)දින සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සිව් වන වරටත් පසුගිය 09 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

මේ අතර නව කැබිනට් මණ්ඩලය හෙට (12)දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මගුල් මඩුවේ දී දිවුරුම්දීමට නියමිතය.

ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් මහනුවර මගුල් මඩුවේ දී දිවුරුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිතව තිබේ.

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කෙරිණි.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණපනත් සඳහන් කර එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් !

colombotoday

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday

කොරෝනා යැයි කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන 20 දෙනාගෙන් 16 ආසාදියින් නොවේ

colombotoday

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. UN නියෝජිතයෙක් හමුදා ආරක්ෂක ස්ථාන 15ක් පිරික්සයි.. චෝදනාපත්‍රයකුත් ජිනීවා යවයි

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday