Colombo Today Local News

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ යුක්තිය මෙහෙයුම මගින් ගතවූ කාලය තුළ රුපියල් ලක්ෂ අසූ පන් දහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම මගින් සැකකරුවන් 68,577 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

මෙම මෙහෙයුම හරහා නීති විරෝධීව ඉපැයූ රුපියල් මිලියන 725 කට වැඩි වත්කම් පොලිසිය භාරයට ගෙන ඇතැයිද ඔහු පැවසුවේ ය.

යුක්තිය මෙහෙයුම අද සිට තවදුරටත් ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් පවසයි.

ඔහු පැවසුවේ , එම මෙහෙයුම් අධීක්ෂණය සඳහා අද සිට කොට්ඨාස 45 ක් සඳහා නිලධාරින් අනියුක්ත කෙරෙන බවයි.

යුක්තිය මෙහෙයුම අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිද හමුදා සහය ලබා ගැනීමට ද සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකාය ද මෙහෙයුම් සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

Related posts

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday