Colombo Today Local News

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබු විවිධ හඬ පට සහිත (voice data recorder) උපකරණය (VDR) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

වෙළඳ නැව් පිළිබඳව ආයතනය විසින් මෙම හඬ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදුන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නැවේ කපිතාන්වරයා නැවේ මව් සමාගම සහ මෙම නැව සම්බන්ධයෙන් දේශීය නියෝජ්‍ය ආයතනය සමග පැවැත්වූ සංවාදවල සහ සන්නිවේදනය හඩපට මෙම voice data recorder වල පටිගත වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු සිදුකරන බවද හෙතෙම සඳහන් කරයි

නැවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ⁣ මේ දක්වා පුද්ගලයන් 20 පමණ කරගෙන ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

පිරිස අතර නැවේ කපිතාන්වරයා, ප්‍රධාන නිලධාරියා සහ ඉංජි⁣නේරුවරුන් දෙදෙනා ද වන බව හෙතෙම කීය.

Related posts

සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මාට විරෝධයක්

Admin

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

colombotoday

“මහින්ද, ගෝඨාභය, රණවිරුවන් මිනීමරුවන් කර ප්‍රභාකරන්ට දේවයත්වයෙන් සලකනවා“ වෙනසක වෙනස ගැන ගෝඨා කතාකරයි

colombotoday

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

colombotoday

මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර ගොඩ ගසයි

Admin