Colombo Today Local News

වෙල්ගම, පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට.. මන්ත්‍රී ධුරත් අහෝසි කිරීමට පියවර ??

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහොසි කිරීමට එම පක්ෂය සූදානම්වන බව පැවසේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, සන්ධානයේ මහලේකම්වරයා මාර්ගයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීමටත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇතැයිද මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

පල්ලිවලින් අත්අඩංගුවට ගත් කඩු,පිහි,පොරෝ නීතියට පිටින් පල්ලිවලටම ආපසු දීලා

colombotoday

කොටි ‘මහවිරු‘ සැමරුම දා උතුරේ ශෝක දිනයක් ! වව්නියා කදවුරේ සංගීතයත් නවතී..

colombotoday

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම්

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. UN නියෝජිතයෙක් හමුදා ආරක්ෂක ස්ථාන 15ක් පිරික්සයි.. චෝදනාපත්‍රයකුත් ජිනීවා යවයි

colombotoday

සතොස සහල් ගෙන්වීමේදී රුපියල් මිලියන 15,000ක මුදල් මගඩියක් – සෙලින්කෝත් හවුල් ?

colombotoday