Colombo Today Local News

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

නායක වනිඳු හසරංග ලකුණු 15ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 19ක් රැස් කළේය.

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස අද (09) ජය හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත්විය.

සිය 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගිනි.

නුවන් තුෂාර අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු වාර්තා අතර එක් වුණේ 20-20 තරගයකදී කඩුල ත්‍රිත්වයක් දවා ගත් පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසය.

ලකුණු 175ක ඉලක්යක් හඹාගිය බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි

Related posts

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

සංචාරකයින් රැගත් ස්විස් ගුවන් යානයක් කටුනායකට

colombotoday

අතුරුදන් කියූ ප්‍රබල කොටි 200කට යුරෝපා රැකවරන.. ලංකාවට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි !

colombotoday