Colombo Today Local NewsfeaturedTop Stories

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා


ජේෂ්ඨත්වය මත විනිසුරුවන් පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව සුදානම් නොමැති බව පවසමින් කතානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවත් එක්තරා ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්වීරවංශ මහතා පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජේෂ්ඨත්වය මත ජනාධිපතිවරයා නමක් යැවු විට ඒ නම ව්‍යවස්ථාදායක සභාව ආපසු හරවා යවන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ආගමික කල්ලියට අයත් කෙනෙකුගේ නමක් අවොත් පමණක් “ව්‍යවස්ථාදායක සභාව” එම නම අනුමත කර යවන බවට චෝදනා කර සිටියා.

“දැන් ශේෂ්ඨාධිකරණයට යන්නනම් තිබෙන්නේ තමන්ගේ ආගම වෙනස් කර…. ඒ ආගමික කල්ලියේ බෞතිස්ම වුවහොත් අන්න හම්බ වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ තනතුර. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවටත් අද වෙලා තිබෙන්නේ ඒ තත්වයයි. එක්තරා නියාය පත්‍රයකට ක්‍රියා කරන, ඇමරිකාවේ ආදාර ලබන එක්තරා ආගමික නිකායක උවනවටනම් මේ රටේ විනශ්චයකාර පද්දතීන් තීරණය වන්නේ එතනට මේ රටේ අධිකරණ පද්දතිය වැටීම අපි අනුමත කරන්නේ නෑ ” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් විරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

මෙහිදී අමාත්‍ය තලතා අතුකෝරාල එම ආගමික කල්ලියේ සහ එලෙස පත්කරන ලද විනිසුරුවන්ගේ නම් හෙළිකරන ලෙස මන්ත්‍රීවරයාට අභියෝග කර සිටි අතර ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරිත්වය පිලිබදව දින දෙකක විවාදයක් තමන් ඉල්ලා සිටි බවත් එම විවාද අවස්ථාවේදී නම් ගම් සහිතව සියල්ල තමන් හෙළි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදි.

Related posts

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday