Colombo Today Local News

ප්‍රමාද කරලා වැඩක් නෑ: ජනපති අපේක්ෂකයා නම් කරන්න. විමල් මහින්දගෙන් ඉල්ලන්න යයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛව ගොඩනැඟෙන ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ‘ඉරිදා’ පුවත් පතකට පවසා තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයා කල්තබා ප්‍රකාශයට පත් කිරීමෙන් ආණ්ඩුවේ දැඩි මර්දනකාරී පිළිවෙතකට එම අපේක්ෂකයා ලක්වීමේ අවදානමක් තිබෙන බව පෙන්වමින් එය ප්‍රමාද කිරීම තුළින් එම අවදානම පහව නොයන බවද වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

විශේෂ අධිකරණ ස්ථාපිත කිරීමෙන් ආණ්ඩුව දැන් සිටම සැලසුම් කරන්නේ කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂය නම් කිරීමට යන ජනාධිපති අපේක්ෂකයා කොටු කිරීමට බැවින් ඊට පෙර ජනාධිපති අපේක්ෂක නම් කළයුතු බව වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

දැන්ම ජනාධිපති අපේක්ෂක නම් කළ පසුව ආණ්ඩුව මර්දනකාරී ලෙස ජනාධිපති අපේක්ෂකයා කොටු කිරීමට ලක් කළහොත් එසේ කොටු කරන්නේ ජනාධිපති අපේකෂකයකු බවට සමාජය තුළ ප්‍රබල කතිකාවක් ගොඩනැඟෙන බවත් එසේ නොවුණහොත් මෙම මර්දනකාරී කොටු කිරීමට ලක්වන්නේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස නොව සාමාන්‍ය පුරවැසියකු ලෙස බවද වීමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මීට අමතරව දැන් සිටම ජනාධිපති අපේක්ෂකයා නම් කළ පසුව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ජාතික සන්ධානයේ සියලුම බලවේග එම අපේක්ෂකයා වටා ගොඩනැඟෙන බවත් අපේක්ෂකයා නම් කිරීම ප්‍රමාද වීම තුළ විවිධ අපේක්ෂකයන්ගේ නම් ඉදිරිපත් කරමින් මෙම බලවේගවල යම් යම් බෙදීම් ඇති වන බවත් ඊටද හොඳම විසඳුම ජනාධිපති අපේක්ෂකයා කඩිනමින් නම් කිරීම බවද වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

colombotoday

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්. | තහනම දිගටම තියන්න | විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර.

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

රාජිත “ආවා“ කල්ලිය හමුදාවට පටලවයි.. ගෝඨාගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු

colombotoday

අනුරයි මායි දෙන්නම එකයි

Admin