Colombo Today Local News

අප්‍රේල් 03 දා විරෝධතාව පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක්. අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට ගොදුරු වන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය…

ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව තිබේ. එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් “මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි අප බලවත් සේ සවිඥානක නිසාය.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කොට නව ගමන් මඟකට මුලපිරීමට මේ පිළිබඳ සවිඥානක දේශපාලඥයන් සියල්ලටම අප ඇරයුම් කොට ඇත්තේ ද “මුළු රටම හරි මගට” ගැනීමට මිස පටු දේශපාලන වාසි ලබා ගැනීමට නොවේ. මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට එම අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධය පෑමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එහෙත් වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ. “අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න” නම් විරෝධතාව ද එවැන්නෙකි. එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවතිය හැකිය.

එම විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවසියයුත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව ය. එසේ ම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බව ද ඉතා වගකීමෙන් දැනුම් දෙන්නෙමු.

කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතී. රට අද පවතින තත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන “සජබ විරෝධතාවන්ට” අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම මෙම “අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ,
2022-03-31

Related posts

රනිල්ගෙන් පොහොට්ටුවන්ට කුණු බැනුම්

Admin

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

කංචන නිසා තෙල් මිල අඩුකරන්න අමාරුයි, මාලිමාවෙන් ප්‍රකාශයක්

Admin

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි !

colombotoday

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

colombotoday