Colombo Today Local NewsHot News

විජිතපුර බැලුම්ගල ඩෝසර් කළ අය, පුරාවිද්‍යා පනත අනුව අත්අඩංගුවට ගන්න ඇමති උපදෙස් දෙයි

“ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියත්, ග්‍රාම නිලධාරියාත්. නිවාස අධිකාරියේ නිලධාරීනුත් කිසිම සොයා බැලීමකින් තොරව බැලුම්ගල ඉඩම, නිවාස සැදීමට ලබාදී තිබෙනවා. ඒ අනුව තරාතිරම නොබලා පුරාවිද්‍යා පනත අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගිය 18 දා පොලිසියට උපදෙස්‌ ලබා දුන්නේය.

විජිතපුර. පූගොල්ලාගම, බැලුම්ගල අවට පුරාවස්‌තු ඩෝසර් කර ඇති අයුරු නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පුරාවිද්‍යාත්මක උරුමයන් එක්‌ ජන කොටසකට, ආගමකට, ජාතියකට අයිති නැහැ. මේ පුරාවස්‌තු සියලුම දෙනාටම පොදු අයිතියි. පුරාවස්‌තු විනාශ කරන අයට, අනුබල දෙන අයට කිසිම අනුකම්පාවක්‌ දක්‌වන්නේ නැහැ. ඒ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා. අවසර නැති ප්‍රදේශයට ඇතුල්වෙලා පුරා වස්‌තු විනාශ කර තිබෙනවා. ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කරන්න පොලිසියට දැනුම් දුන්නා. අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට දැන්වූවා.

“සජිත් ඇමැතිතුමා සත්භාවයෙන් අහිංසක ජනතාවට නිවාස හැදුවත් එතුමාට මේ සිද්ධිය හරහා මඩ ගහන එක වැරදියි. නිලධාරීන් කළ වරදට එතුමාට මඩ ගහන එක වැරදියි. පුරා විද්‍යා කොටස වෙන්කර අහිංසක ජනතාවට නිවාස සාදා ගැනීමට ඉඩ ලබා දෙනවා.”

මෙම නිවාස හදන්න ඉඩම ලබාදීමට පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගෙන නැහැ. මෙම ස්‌ථානයේ අනුරාධපුර මුල් යුගයට අයත් පධානඝර සංකීර්ණයක්‌ තිබුණ බව තහවුරු වෙලා තිබෙනවා. සිදුකර ඇති හානිය සියෑසින් දුටුවා.

පූගොල්ලාගම. බැලුම්ගල පුරා විද්‍යා ස්‌ථානයට ආරක්‌ෂක වැඩ පිළිවෙළක්‌ යොදනවා. ඒ වගේම පුරාවස්‌තු සංරක්‌ෂණය කර දෙනවා. බැලුම්ගල ප්‍රදේශය මිනින්දොaරුවන් හරහා මැණුම් කටයුතු කර ආරක්‌ෂිත කලාපයක්‌ බවට පත්කරනවා.”

පුරාවස්‌තුවලට හානි කිරීම. හෑරීම පිළිබඳව විගස ආරක්‌ෂක අංශ දැනුවත් කිරීමට ජනතාවට හදිසි දුරකථන අංකයක්‌ ලබාදීමට පියවර ගන්නවා.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පුරාවිද්‍යාස්‌ථාන පිළිබඳව වාර්තාවක්‌ තමන්ට කඩිනමින් ලබා දෙන ලෙස අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මහලේකම් ආර්. එම්. වන්නිනායක මහතාට දැනුම් දුන්නේය.

උතුරු මැද , වයඹ. පුරාවිදයා සහකාර අධ්‍යක්‍ෂ ඩී. එම්. බී. ඡේ. බී. දිසානායක මහතා(- බැලුම්ගල ගම්පිඹුරේ පුරාවිද්‍යා ස්‌ථානයක්‌ බව සටහන් කර තිබෙනවා. 1998 බැලුම්ගල ඉඩම් මැන ඉපලෝගම ප්‍රාදේශීය මහලේකම් පුරාවිද්‍යා කොටස වෙන්කර තිබෙනවා. සීමා සටහන් කළ බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව දන්වා එවා තිබුණා. නිවාස හදන්න ඉඩම ලබා දෙන ලෙස 2018.05.01 අවසර ඉල්ලා ලිපියක්‌ එවා තිබුණා. මැයි තුන්වැනිදා ඩෝසර් කළ පුරා වස්‌තු අප නිලධාරීන් පරීක්‍ෂා කළා. මෙම ඉඩම අප්‍රේල් මාසයේ ඩෝසර් කර ඇති බව තහවුරු වුණා. අදාළ නිලධාරීන්ට විරුද්ධව අපි නඩු පැවරුවා.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මහ ලේකම් වන්නිනායක මහතා(- මේ සම්බන්ධව අපේ නිලධාරීන්ගෙන් වරදක්‌ වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර අදාළ නීතිමය පියවර ගන්නවා.

මෙම අවස්‌ථාවට කැකිරාව ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී කොස්‌සින්නේ රතනජෝති හිමි, පරිවේනාධිපති මැදගම ධම්මකිත්ති හිමි, අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්‌. එම්. චන්ද්‍රසේන, අනුරාධපුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්‌පති සෙනරත් සඳුන්ගහවත්ත, ඉපලෝගම හා තඹුත්තේගම වැඩබලන සහකාර පොලිස්‌ අධිකාරි චූලනී වීරරත්න, ඉපලෝගම වැඩබලන ප්‍රාදේශීය මහ ලේකම් ස්‌වර්ණා එදිරිසිංහ යන මහත්ම මහත්මියන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්‌ එක්‌ව සිටියහ.

Related posts

ඉෂාලිනිගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස අධිකරණයෙන් නියෝග

colombotoday

කොකේන් ගහන ඇමතිලා 6ක් පාර්ලිමේන්තුවේ… සභාගැබේදීත් කොකේන් මතින්…

colombotoday

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට

colombotoday

තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කීවේ බොරු

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ තීරණයක්.

colombotoday