හොරුන්ව හිරේ යැවීමට බාධාවන පුද්ගලයන් ආණ්ඩුවෙන් ඉවත් කිරීම සදහා මරාගෙන මැරෙන්නට තමන් හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.
පක්ෂයේ තීරණයන් නොතේරෙන පුද්ගලයින් ඔවුන් සම්බන්ධව අනුන් තීරණයක් ගැනිමට පෙර තීරණයක් ගත් යුතු බවත් එදා ජේ ආර් ජයවර්ධන මහතා කියපු දෙය සම්බන්ධව තේරුමවත් දන්නේ නැති අය එක්සත් ජාතික පක්ෂය තුල සිටිය යුතු නැති බවද හෙතෙම කියා සිටියේය.