Colombo Today Local News

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ 2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා ය.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන අද (15) ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදුකරනු ලබයි.

අද දහවල් 12න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ.

අද දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතු ය.

Related posts

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

“රාජිතගේ ප්‍රකාශ නිවටයි.. බියගුළුයි“.. දිල්රුක්ෂි ප්‍රති ප්‍රහාර අරඹයි !

colombotoday

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

colombotoday

නීතිවිරෝධී ලෙස බීඩි කොළ කිලෝ 500ක් ගෙන ආ 6ක් අත්අඩංගුවට

colombotoday

කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.

colombotoday