Colombo Today Local News

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසය.

එවැනි ස්ථානවල ජනතාව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

“පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථනය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත්. ඉදිරියේ දී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් සම්බන්ධීකරණය සඳහා. යම් පානීය ජල ගැටලුවක් ඇත්නම් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමන් එසේත් නොමැති නම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග සම්බන්ධ වෙන්න. ඒ සඳහා සියල්ල සුදානමින් පවතිනවා.”

මේ අතර පසුගිය දින 10 ඇතුළත ස්ථාන 30ක පමණ කැළෑ ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි ද පැවසු ප්‍රදීප් කොඩිප්පිලි මහතා, එම ගිනි තැබීම් පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් සිටින බව ද පැවසීය.

එවැනි කැළෑ ගිනි තැබීමේ සිදුවීමක් දුටු වහාම 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.

Related posts

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

colombotoday

මුස්ලිම් 7ක් ජාතික වීරයන් ලෙස නම් කරන්න.. ජනපතිගෙන් උපදෙස් !!

colombotoday

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

colombotoday

පුරාවිද්‍යා බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා දැයට අහිමිවන වසම්මලේ චිත්‍ර ලෙන් සංකීර්ණය (Photo)

colombotoday

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin