Colombo Today Local News

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (30) රාත්‍රියේ සිදුකරන ලද විශේෂ සෝදිසියකදී තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍යද සමගින් සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

කිසියම් පිරිසක් ප්‍රහාරයක් සදහා සූදානම්වන බවට යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යුදහමුදා නිලධාරීන් පිරිසක් නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි නිවසක් හදීසි සෝදිසි වැටලීමක් සිදු කරන ලදි. එහිදී නිවසතුල සිටි පුද්ගලියින් 13 දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස් විසින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් උපන්දින සාදයක් සමරමින් සිටියදී මෙලෙස වැටලීම සිදු කොට ඇත.

එහිදී නිවස තුල තිබී තියුණු කඩු 04 ක්, පාපැදි චේන් සහ යතුරුපැදි චේන් යොදා සකස්කරන ලද ආයුධ දෙකක්, යතුරුපැදි දෙකක්, පාපැදි 4 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 650 ක් සහ කේරල ගංජා කුඩා පැකට් 6 ක් සමගින් ජංගම දුරකතන 11 ක් තිබී සොයාගනු ලැබීය.

වැටලීම සිදුකරන ස්ථානය පිළිබඳව වැල්වැටිතුරෙයි පොලීසියට යුදහමුදාව විසින් දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් සැකකරුවන් සහ ආයුධ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස් ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයන් බවත් පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ පහරදිම් හා පුද්ගල තුවාල සිදුකිරීම් සමබන්ධයෙන් සෘජු සම්බන්ධයන් ඇති බවත් පොලීසිය සැක පළ කර සිටියි.

සැකකරුවන් අවුරුදු 20 – 40 ත් වයස්හි පසුවන් අතර ඔවුන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය .

Related posts

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

රෝහල් තුළ මෘත ශරීරාගාරවල තදබදයක් – කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම ක්‍රියාත්මකයි

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

ඇලෝසියස් මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් කෝටි 100ක අල්ලස් දීලා..

colombotoday

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂමෙන් දැනුම් දෙයි

colombotoday