මාස කිහිපයකට පෙර වැලිමඩ වෙළදසැලක් තුල කපාකොටා තරුණයන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිද්ධිය රටතුල මහත් ආන්දෝලනයක් ඇතිකළා. මෙම නඩුවේ චූදිතයන් වූ මුස්ලිම් ජාතිකයන් 6 දෙනාටම ඊයේ දිනයේදී ඇප ලබාදුන් බව වර්තා වෙනවා.
මරණයට පත්වූ “ඉන්දික” යන අයගේ බිරිද අප සමග පැවසුවේ මෙම නඩුව වැලිමඩ උසාවියෙන් බදුල්ල මහාධිකරණයට මාරුකර යවා ඇති බවයි. නීතිපති උපදෙස් ලබාගත යුතු යැයි සදහන්කර මාස කිහිපයකින් නඩුව කල් ගිය බවත්, තමාට ඒ පිළිබදව එතරම් අවබෝධයක් නොමැති බවත් ඇය සදහන් කළා.