Colombo Today Local News

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී ඇති ව තිබෙන ගැටලුකාරී තත්ත්වයට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසති.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, රටේ සිටින සියලුම දරුවන්ට අධ්‍යාපනය එක හා සමානව නොලැබෙන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඌරුවරිගේ වන්නිලඇත්තෝ,

“පාසල්වල ඉගෙන ගන්නා දරුදැරියෝ හැමෝටම මේ රටේ අධ්‍යාපනය කියන එක මඟ ඇරිලා තියෙන කාලයක්. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා ළමයි ගොඩදෙනෙක් මහන්සි වෙනවා. රෑ දවල් නොබලා කඳු නඟිනවා. ගල් උඩ නඟිනවා. ගස් උඩ මැස්සවල් ගහගෙන ඉන්නවා. ඇත්තටම ඒ වැඩේ උනත් සමහර තැන්වල ගෙදර ඉදලා දුරකථන භාවිත කරලා උගන්වන්න තිබුණා. සමහර තැන්වල සාර්ථක වුණා. සමහර තැන්වල කරදරවෙලා දුක්වෙලා ළමයි ඉගෙන ගත්තා. දැන් මට දැනගන්න ලැබෙනවා පහුගිය දිනවල කොළඹ පැත්තේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස උද්ඝෝෂණයක්. එතැනදී ඒ අය අල්ලලා නිරෝධානයට අරන් ගිහිල්ලා. ඒ වගේ සිද්ධියක් වෙලා තියෙනවා. හැබැයි ඒක මූලික කරගෙන ඉගෙන ගන්න දරුවන්ට දුරකථනවලින් උගන්නපු ගුරුවරු ඒ අය දැන් මේක නතර කරන්න ලෑස්ති වෙලා. එහෙම වුනොත් ඇත්තටම අපේ රටේ ඉදිරි කාලේ දී මේ රට භාරගන්න ඉන්න දරුදැරියෝ අසරණ වෙනවා. ඒ හින්ද මම කියන්නේ මේ රට පාලනය කරන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මේ ගැටලු ගැන මීට වැඩිය හිතට අරගෙන හොයලා බලන්න ඕන. මේ දරු දැරියෝ ගැන හිතලා මේ ගැටලුවට මැදිහත් වෙලා මේක විසඳගන්න ඕන.“

Related posts

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday

මුදල් කතා කරද්දී සත්‍ය නිහඩ වන්නේය – අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

කොටි ඩයස්පොරා බොරුව පුපුරන මෙතෙක් නොදුටු සාක්කි එළියට

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

රනිල් පිලත් සජිත් පිලත් අතහැර දේශපාලනයෙන් සමු ගන්නා රෝසි

colombotoday