Colombo Today Local News

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළා. – විග්නේශ්වරන්

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බව තමාත්, එම්. කේ. සිවාජිලිංගම් සහ උතුරු පළාත් සභාපති එම්. ටී. සිවඥානම් විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන් බව උතුරු පළාත් සභා මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් පළාත් සභාවේ අවසාන කතාව පවත්වමින් හෙළි කර ඇත.

මෙම සමුලඝාතනය ගැන ක්‍රියා කිරීම සඳහා යුද අපරාධ යාන්ත්‍රණය ආරම්භ කිරීමට පියවර ගන්නා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීමට ද්‍රවිඩ සංධාන නායකත්වය පිළිගැනීම නිසා සංස්‌කෘතික සංහාරයක්‌ සිදුවන බවට චෝදනා කළ උතුරු පළාත් සභා මහ ඇමැතිවරයා රජය සහ ඔවුන්ට සම්බන්ධ සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් තමාට එරෙහිව ප්‍රචාර දියත් කර ඇතැයි පැවසීය.

එසේම උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබාගැනීම සඳහා එක්‌සත් වන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විග්නේශ්වරන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඩෙල්ෆ් දූපතේ මහල් 38 කින් යුත් සුපිරි හෝටලයක්‌ ඉදිකිරීම සඳහා ආණ්‌ඩුකාරවරයා අවසර දීම ගැන ද ඔහු රජයට චෝදනා කළේය.

Related posts

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

colombotoday

නවීන කෘෂි තාක්ෂණය ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක්..

colombotoday

වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

colombotoday

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මාසයක් රට සවාරියේ

Admin

බෝනස් ඕනෙමයි

Admin

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday