Gossip

Video – ෆේස්බුක්, ස්කයිප්, දත්ත අසභ්‍ය වෙබ් අඩවිවලට. චැට් කරන්නෙ බලාගෙනයි.

ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි වීඩියෝ සහිත පණිවුඩ හුවමාරුවලදී ඉතා කල්පනාකාරී වන්නැයි අන්තර්ජාලය සහ නවීන ජංගම දුරකතන භාවිත කරන සියලූදෙනාගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

එවැනි පණිවුඩ හුවමාරු හැකර්වරුන් විසින් අවභාවිත කළ හැකි බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන්නේ.

මෙවැනි අවදානම් අවස්ථා වළක්වා ගැනීමට නම් ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවලට පෙනී සිටීමේදී ද දෙවරක් සිතා බැලිය යුතු බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා.

ජංගම දුරකතනයක හෝ පරිගණකයක වරක් ගබඩා කරන ඡායාරූප හෝ වීඩියෝ දර්ශන මකා දැමුවද පසු අවස්ථාවකදී එය නැවත ලබාගත හැකි බවද ප‍්‍රකාශ කෙරුණා.

එමෙන්ම සිය පෙම්වතා සමග කළ ස්කයිප් සංවාදයකදී තරුණියක් නිරුවත් වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.

මෙම වීඩියෝ පටය නිර්මාණ කර තිබෙන්නේද වීඩියෝ සහිත පණිවුඩ හුවමාරුවලදී කල්පනාකිරීව කි‍්‍රයා කරන ලෙස අන්තර්ජාලය සහ නවීන ජංගම දුරකතන භාවිත කරන්නන් දැනුවත් කිරීම සඳහායි.

ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි පෞද්ගලික පණිවුඩ හුවමාරුවල සඳහන් දත්ත අසභ්‍ය වෙබ් අඩවි වලට ඇතුළත් කිරීම පිළිබඳ තොරතුරු සෑම දිනකම පාහේ වාර්තා වන බව එහි දැක්වෙනවා.

එවැනි අවස්ථාවලදී අගතියට පත් වූ තරුණයන් හෝ තරුණියන් සියදිවි නසා ගැනීම පිළිබඳවද රටවල් ගණනාවකින් මෑතදී වාර්තා වූ බවයි මෙම විඩියෝවෙන් වැඩිදුරටත් කියැවෙන්නේ.

එම වීඩියෝව පහතින් බලන්න

https://www.youtube.com/watch?v=oqvJCbwRMzI

Related posts

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

colombotoday

Video: සිරසේ අනුෂ කලබල කල ප්‍රේක්ෂකයන් අමුතු විදිහකට පාලනය කරයි

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday