World

ගින්න ඇවිලීමට තව ඇත්තේ හෝරා කිහිපයයි.. ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවට සමීප වෙයි

අමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර මෑත සති කිහිපය තුළ වාග් සංග්‍රාමය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

21 වෙනි සියවසේ දී ඕනෑම අමෙරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළේ සටන් මුක්ත කළාපයේ උතුරු ප්‍රදේශයේ පියාසර කළ සමීපම අවස්ථාව මෙය බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.ඕනෑම තර්ජනයක් පරාජය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් සතුව විවිධ හමුදා ක්‍රියාමාර්ග තිබෙන බව ප්‍රදර්ශනය කිරීම උතුරු කොරියාව සමීපයට ප්‍රහාරක යානා පිටත් කිරීමේ අරමුණ බව පෙන්ටගනය පවසා ඇත.

සැප්තැම්බර් මස 19 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තමන්ගේ හෝ සිය සගයන්ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් අමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇති බවයි. අමෙරිකා එක්සත් ජනපදය එම නිවේදනය කළේ උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිය දේශනය පැවැත්වීමට නියමිතව තිබියදී වේ.

Related posts

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

colombotoday

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

ඉම්රාන් ඛාන් දින 8ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin