රජය විසින් වැට් බදු වැඩිකිරීමට විරෝධය පළකරමින් අදත් දිවයින පුරා නගර රැසක වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයෝ විරෝධතාවයේ නිරත වෙති.
අනුරාධපුර නගරයේ වෙළදසැල් වසා දමා තිබුණු අතර විරෝධතා පාගමනක්ද අනුරාධපුර බස් නැවතුම්පොළ අසළින් ඇරඹිණි.මේ අතර කිරිබත්ගොඩ, කැලණිය ප්රදේශවලද කඩ සාප්පු වසා දමා විරෝධය දක්වා තිබූ අතර පිළිමතලාව, කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකද එම තත්ත්වය දක්නට ලැබිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ නගර කිහිපයකද කඩ සාප්පු වසා දමා ඇතිබව වාර්තා වේ.