Colombo Today Local News

දෙසැම්බරයේ සිට දිගු කාලයකට යළිත් රට වැසෙයි ?

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වෛරසය මර්දනයට පෙර, ප්‍රථමයෙන්ම වෛරසය පාලනයට පියවර ගැනීමට සැවොම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේපවසනවා.

මේ මොහොත වන විට රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන්, බොහෝ ජනතාව විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින්, විනෝද චාරිකාවල පවා නිරත වීම දැකිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් සති අන්තයේ එළැඹෙන දීර්ඝ නිවාඩු කාලය තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් බැහැර කරමින්, මහජනතාව හැසිරෙන්නේ නම්, යළිත් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීමට අවකාශය ලැබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බැවින්, ඒකරාශී වී සාමුහික ක්‍රියාකාරකම් කිරීමේදී මෙන්ම, විශේෂයෙන්ම පූජනීය ස්ථාන, වැව්, අමුණු ආදී ස්නානය කරන ස්ථානවලදී පවා මැනවින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගන්නා ලෙසටයි සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව ද, මහජනතාව සංචරණයට අවසර හිමි වූ සිය රට තුළ කෙතරම් වගකීම්සහගතව හැසිරෙන්නේ ද යන කාරණාව මත ඉදිරියේදී එළැඹෙන නත්තල් සමය සහ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ද රට මේ අයුරින්ම විවෘත කිරීමට පවතින අවසරය ද තීන්දු වන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

අයහපත් මිනිස් හැසිරීම් මත සෞඛ්‍ය උපදෙස් කැඩෙන බව දිගින් දිගටම නිරීක්ෂණය වන්නේ නම්, දිගු කාලයක් පුරා වසා දමා තිබූ මෙරට පාසල් පද්ධතිය ද යළි වසා දැමීමට සිදු වන බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා විසින් තරයේ අවධාරණය කරනු ලැබුවේ.

එමෙන්ම අද වන විට පී.සී.ආර් මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පළමු පෙළ ආශ්‍රිත සියල්ලටම සිදු නොකරන අතර, මෙරට බොහෝ ආයතනවල ද අහඹු පරීක්ෂණ සිදු නොකරන බවයි.

යළි එම පරීක්ෂණ ක්‍රියාවලිය ඇරඹුණහොත් අනිවාර්යයෙන්ම දෛනික ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවා යාම සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ආසාදිතයින් වැඩි වන්නේ ඇඳිරිනීතියෙන් පසුව සෞඛ්‍ය උපදෙස් රැකීම යන කාරණාව මත වන අතර, දෙසැම්බර් මැද වනවිට ආසාදිත සංඛ්‍යාව තවදුරටත් තීව්‍ර වන්නේ නම් නිසැකවම රට නැවතත් වසා දැමීමට සිදු වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

Video: පරාජිතයා… සජිත්ට එන්න දෙන්නේ නෑ… හකීම්ගෙන් රනිල්ට කුණු බැනුම්

colombotoday

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

colombotoday

“ඥානසාර හිමිගේ පිරිත් අසා මියපරලොව ගිය අගමැතිගේ අම්මාත් පුතාට සාප කරයි”

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

මහ ජනකායක් පිරිවරා ශ්‍රී දළදා මළුවේ අධිෂ්ඨාන පූජාව ඇරඹේ (LIVE VIDEO)

colombotoday