Colombo Today Local News

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිට නිදහස් වූ හිටපු කොටි ක‍්‍රියාකාරීන්ගෙන් රජය සමාව ඉල්ලා ඔවුන් රැුඳවුම්භාරයේ සිටි කාලය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තිදෙනෙක් ශ‍්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

මෙම තිදෙනාගේ වාර්තාව 39 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ.

විවිධ යුද අපරාධ සිදුකිරීම ගැන දැනට හිටපු කොටි ක‍්‍රියාකාරීන් 86 ක් අත්අඩංගුවේ පසුවේ.

මෙම නිර්දේශය මත මාස කිහිපයක් අත්අඩංගුවේ සිට නිදහස් වූ කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුගාන්තන් මාස්ටර්ට ද ක්ලේමෝ බෝම්බ තැබීමේ සිද්ධියකට චෝදනා ලැබ නිදහස් වූ හිටපු කොටි ත‍්‍රස්තයකුට ද වන්දි හිමිවේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ නිර්දේශය අනුමත වී ඇත.

ඇමෙරිකානු රජය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් වූ අල්කයිදා ත‍්‍රස්තවාදීන්ගෙන් සමාව අයැද ඔවුන්ට වන්දි ගෙවන ලෙස එම එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් නිර්දේශ කර නැත.

– Divaina –

Related posts

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

Admin

සජබය පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම්

Admin

නාරාහේන්පිට රෝහලට අත් බෝම්බයක් ගෙන ආ පුද්ගලයා අල්ලයි

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

බුකිය කලබපු මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

හාමුදුරුවරු දෙනමක් හා ජනාධිපතිලා දෙන්නෙක්. | ගෝඨාභය බුද්‌ධ ශාසනයට කරණ අසාධාරණය

colombotoday