Colombo Today Local News

මුළු රටම ව්‍යසනයකට පත්ව තිබෙන්නේ, රජය ඥානසාර හිමිට ඇහුම්කන් නොදීම නිසා. ප්‍රධාන සංඝනායක උඩුගම ධම්මානන්ද හිමි

මේ ප්‍රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ භූමියේ සිට බන්ධනාගාරයට යමින් සිටියදී මාධ්‍යයට ප්‍රකාශ කළ හෙයින් ඒ පිළිබඳව තොරතුරු දීමට උන්වහන්සේ ආරාධනා කළ හෙයින් ආරක්ෂක අංශ ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙස උතුර උතුරුමැද හා නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක උඩුගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

පොළොන්නරුව දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

පොලොන්නරුවේ රාමඩා හෝටලයේදී මෙම සම්මන්ත්‍රණය 30 දා පැවැත්විණි. මෙහිදී තවදුරටත් කතා කළ උඩුගම ධම්මානන්ද හිමියෝ, මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයන් විසින් මේ වන විට මුළු රටම බිය වද්දමින් කටයුතු කරන බව කීහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම ත්‍රස්තවාදී සංවිධානය ගැන වසර ගණනාවකට පෙර සිටම අනතුරු අඟවා තිබුණා. මේ ත්‍රස්තවාදීන් රටට කරන හානිය පිළිබඳව රජයේ බලධාරීන්ට පෙන්වා දුන්නා. එහෙත් ඒවාට ඇහුම්කන් නොදීම නිසා අද මුළු රටම එවැනි ව්‍යසනයකට පත්ව තිබෙනවා.

Related posts

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday

යාපනයේ චෙම්මනියේ කැණීම් අතරතුර මිනිස් ඇටසැකිලි හතක් සොයා ගැනේ

Admin

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

අරගලයට සහාය දැක් වූ වෛද්‍ය හේතූන් මත ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කරයි.

colombotoday