Colombo Today Local News

ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට මම කටයුතු කලේ නෑ. – උදය ගම්මන්පිල කියයි

ජනතා විමුක්ති පෙරමුණ අසත්‍ය පවසන බවත් ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට කටයුතු නොකළ බවත් සඳහන් කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා…

අදාල නිවේදනය…

දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස පෙනී සිටිමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මා පිළිබඳ බොරු වැලක් ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ්‍රිත අක්කර 33,000ක් ඇමෙරිකාවට බදු දෙන්න මා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක්. මා එවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකල බවත් ඉදිරිපත් කලා නම් එහි පිටපතක් පෙන්වන ලෙසත් මම ඔහුට අභියෝග කරනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය විසින් 2003 දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතාට නොතේරිමෙන් පෙනී යන්නේ 2003ට 35ක් එකතු කල විට පිලිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 බවත් එතුමා නොදන්නා බවයි.

ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කල යුත්තේ වරාය ඇමති මිස බලශක්ති ඇමති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන වසන්ත සමරසිංහ මහතා නොදැන සිටීම හාස්‍යජනකය. එමෙන්ම ඇමෙරිකාවට බදු දීමට තබා දේශීය අවශ්‍යතාවයකට භාවිතා කිරීමටවත් බලශක්ති අමාත්‍යාංශය සතුව ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක් නොමැති බවත් අක්කර 33,000ක් යනු ගම්මාන රාශියක් පුරා පැතිරෙන දැවැන්ත ඉඩමක් බවත් සමරසිංහ මහතාගේ සාමාන්‍ය දැනීම සඳහා දැනුම් දෙමි.

සමරසිංහ මහතා සැබැවින්ම කර ඇත්තේ අධිවේගි මාර්ග සඳහා දරණ වියදම පාරේ රත්තරන් ගෑමට ප්‍රමාණවත් බවටත් කොළඹ වරාය නගරය සඳහා මුහුද ගොඩ කලොත් ලංකාවේ ගල් සියල්ල අවසන් වන බවටත් හම්බන්තොට වරායට නැව් ගෙන ඒමට නොහැකි බවටත් ප්‍රකාශ කල ජවිපෙ බොරු වැලට තවත් බොරු තුනක් එකතු කිරීම පමණි. එබැවින් බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කල අයුරින් යමෙකු පැවසූ පමණින් පිලිනොගෙන එහි සත්‍යාසත්‍ය බව විමසීමට ලක් කලේ නම් වසන්ත සමරසිංහ මහතාටත් ජවිපෙටත් මෙසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට සිදු නොවනු ඇත.

උදය ගම්මන්පිල,
බලශක්ති අමාත්‍ය.

Related posts

පිදුරංගලට නැග ඇදිවත ගලවා පෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට… වැඩේ මුලින්ම කර ඇත්තේ සුද්දියක්…

colombotoday

රසායනික පොහොර-කෘමිනාශකවල භාවිතයෙන් අහිතකර ‌බලපෑම් අධ්‍යයනයට බළකායක්

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday

මාධ්‍ය ප්‍රකාශක ධූරය කට හැකර මරික්කාර් ට දුන්නට සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ විරෝධය

colombotoday