Colombo Today Local News

ගම්මන්පිලට මිලියන 500ක් ගෙවන්න හිරුනිකාට නියම වෙයි. දේපොළ වෙන්දේසි කරවා මුදල අය කර ගනී ද?

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට අපහාස වන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් රුපියල් මිලියන 500ක් ගෙවන්න ලෙස ප්‍රේමචන්ද්‍ර මහත්මියට අධිකරණය නියම කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙළි කර සිටියා.

එම වන්දි මුදල හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් දේපොළ වෙන්දේසි කර හෝ අය කර ගැනීමට අවස්ථාව තිබෙන නමුත් තමන්ට අපහස සිදුවන ප්‍රකාශ ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිදු නොකරන බැවින් එවැනි දෙයක් සිදුකිරීමට තමන් කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

කබීර් හෂීම් මන්ත්‍රීවරයාද තමන්ට අපහාස වන ප්‍රකාශයක් සිදුකර ඇති බවත් ඒ සඳහා මිලියන 500ක වන්දියක් ගෙවන ලෙසට එන්තර වාසීයක් තමන් යවා ඇති බවත් එහි දින හෙටට සති දෙක සම්පුර්ණ වන බවත් වන්දිය නොගෙවන්නේ නම් නඩු දැමීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියේය.

Related posts

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

colombotoday

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

colombotoday

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday

අධිකරණයට අපහාස කිරීම: රංජන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

colombotoday

වාහන වෙන්දේසි කර රාජ්‍ය නිලධාරීන්ට ත්‍රී-වීල් ලබා දීමට යෝජනාවක්

Admin