Colombo Today Local NewsTop Stories

අල්ලස් ගැනීමේ වරදට රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් දැලේ!

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මින් පළමු සැකකරු මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවකු වන අතර, ඔහු වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකුගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාව යටතේ ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා විසින් නිවාස ඉදිකිරීම සඳහා දැනටමත් වෙන්කර ඇති ඇතුගල ප්‍රදේශයේ පර්චස් 20ක ඉඩමක් වෙනුවට වෙනත් ඉඩමක් වෙන්කර ඉඩම් බලපත්‍රයක් අනුමත කිරීමට පහසුකම් සැලසීම සඳහා අල්ලස් ඉල්ලා සිටි බව පැමිණිලිකරු පවසයි.

දෙවැනි සැකකරු වන වවුනියාවේ පූවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර, අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් තොරතුරු තවමත් විමර්ශනය වෙමින් පවතී.

මහජන පැමිණිලි මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම් දෙකම සිදු කර ඇති බවත්, වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related posts

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

Admin

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

ලබන ඉරුදිනත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වලකින්න – කාදිනල්තුමා ඉල්ලයි

colombotoday

ජනපති ගැන අනාවැකි කී ජෝතිශවේදියාට “රජතුමාට එරෙහිව අපරාධ කිරීම” චෝදනා යටතේ නඩු !

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday