Colombo Today Local NewsTop Stories

හොර පාරෙන් කටුනායකට ආ තායිලන්ත ඉබ්බෝ

ඊයේ උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් තායිලන්තයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ජලජ ජීවීන් 3500 අධික සංඛ්‍යාවක් සමග ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට එරෙහිව ශ්‍රී ලංකාවට බලපත්‍ර නොමැතිව නීති විරෝධීව රැගෙන එම සම්බන්ධව අත්අඩංගුවට ගත් බවට වාර්තාවිය.

වේගොඩ ප්‍රදේශයේ සුරතල් මසුන් ව්‍යාපාරයේ නිරත අවුරුදු තිස් එකක සහ විසි හය අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු විසිදෙකකක තරුණියක් ඒ අතර වේ.ඔවුන් ඊයේ උදෑසන 9.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොට පෙළ වෙත පැමිණි ඇත.

මෙම සජීවී ආක්‍රමණශීලී ජලජ ජීවීන් රටට ඇතුළු වුවහොත් දේශීය පරිසර පද්ධතියට භයානක හානියක් සිදුවන බවට පරිසර විද්‍යාඥයන් විසින් වාර්තා කර තිබේ.

එම සතුන් අතර ඇති රතුකන් ඉබ්බන් වර්ග දෙක දැනට ලෝකයේේ සිටින ආක්‍රමණශීලීම ඉබ්බන් විශේෂයක් බවත් රතු වලිග මගුරන්ද එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවින් තොගය ආපසු තායිලන්තයට ප්‍රති අපනයනය කිරීම සඳහා භාරදීමට නියමිතය.

සටහන-සත්සරනි

Related posts

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday