Colombo Today Local News

ත්‍රිරෝද රථයක මිල ලක්ෂ අටයි, එයින් හාරලක්ෂ අසූදහසක්ම රජය බදු වශයෙන් අයකර ගන්නවා

මෙවර අයවැය තුළින් රුපියල් හැටදහසක බද්දක් අලුතින් එකතු කිරීම හේතුවෙන් ත්‍රීරෝද රථයකට අයකරන බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසනවා.

ත්‍රිරෝද රථයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ අටකට අධික වන අතර, එම මුදලින් රුපියල් හාරලක්ෂ අසූදහසක් රජය බදු වශයෙන් අයකර ගන්නා බවයි එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ.

ත්‍රිරෝද රථ හිමියන්ට සහන ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් පවා භාරදී තිබියදී ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා කියාසිටියා.

සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ බදු හේතුවෙන් ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටින බැවින් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි.

එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරි මැතිවරණවලදී ත්‍රිරෝද රථ හිමිකරුවන් ආණ්ඩුවට ප්‍රතිචාර දක්වනු ඇති බවද ඒ මහතා අවධාරණය කළා.

Related posts

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

colombotoday

පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ කාර්යාලය නඩත්තුවට මිලියන 36ක්..

colombotoday

රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා – කතානායක මධ්‍යම රාත්‍රියේ නිකුත්කළ නිවේදනය

colombotoday

ලෝක පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 04 ක්

colombotoday

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

colombotoday

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin