Colombo Today Local News

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ ජාත්‍යන්තරයෙන් බලපෑම් පැමිණියද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බව යි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රජා පොලිස් කමිටු සාමාජික හමුවට එක් වෙමින් ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස්පතිවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

Related posts

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

කැබිනට් වෙනසින් රනිල් අමාරුවේ.. එජාපය නැවතත් ඇවිළෙයි !

colombotoday

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

colombotoday

නව පොලිස් ස්ථාන 190ක්

colombotoday