Colombo Today Local News

TIDයේ හිටපු ප්‍රධානියා ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගනී

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඔහු එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.

ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද විභාගය සඳහා කැඳවනු ලැබීය.

පෙත්සම් විභාගය අතරවාරයේ පෙත්සම්කාර වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට එරෙහිව සිදුකරන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සහ තම සේවාදායකයාට හිමිවිය යුතු වැටුප ගෙවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සලකා බැලීමට සූදානම් නම් තම සේවාදායකයා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළ කරන බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ වැඩ බලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවටත් පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණයක් සිදුකොට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවටත් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

එම කරුණුවලට දෙපාර්ශවය විසින් එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැණුනු අතර ඉන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

Related posts

එකම ස්ථානයක රසදිය ටොන් ගණනක් Asia Recycling සමාගම ගබඩා කරලා. ලෙබනනයේ මෙන් පිපුරුනොත් මහා විනාශයක්

colombotoday

කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම් – ජනපති ගෝඨාභය බේරා ගත් හමුදා මෙහෙයුම

colombotoday

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ – Video

colombotoday

ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේ

colombotoday

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට.

colombotoday