Colombo Today Local News

ඔලුගෙඩි මාරුවක් වැඩක් නෑ.. ජනතාවට දැනෙන ප්‍රතිසංවිධානයක් ඕනෑ – මරික්කාර්

පක්ෂයේ ඔළු ගෙඩි මාරු කිරීමේ ප්‍රතිසංවිධානයකට වඩා ජනතාවට දැනෙන අකාරයේ ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන යටතේ රුපියල් ලක්ෂ 30 ක වියදමෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොහිලවත්ත රණසිංහ මාවත ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිද්ධ වෙන්න ඕනේ. ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාවට දැනෙන විදිහේ ප්‍රතිසංවිධානයක් වෙන්න ඕනේ. රට ඉල්ලන, ගම ඉල්ලන, පාක්ෂිකයා ඉල්ලන ප්‍රතිසංවිධානයක් විය යුතුයි. ඒක පිළිබදව අපි සාකච්ඡා කලා.

නමුත් මාධ්‍ය වාර්තා වල පළවන විදිහට මුකුත් නැතිව කමිටුවක් පත් කරලා ඉවරයි කියන එක යන්නේ. නමුත් ඒක පට්ටපල් බොරුවක්. කමිටුවක් කියන්නේ දේශපාලන මණ්ඩලයක් පත් කළා. ඒ හරහා පක්ෂයේ ඉහළ තනතුරු වලට පත්වෙන උදවිය සම්බන්ධව තිරණයක් අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනේ. මොකද හේතුව මේ සියළු දෙනාගේ තනතුරු මේ මාසේ 30 වෙනිදායින් ඉවරයි. මේ මාසේ 30 වෙනිදා වෙනකොට මේ තනතුර නැවත පත් කරන්න ඕනේ.

ඔළු ගෙඩි මාරු කිරීමේ ප්‍රතිසංවිධානයකට වඩා ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාවගේ දහඩිය සුවද තේරුම් ගෙන. ඒකට උත්තරයක් ලබා දෙන්න පුළුවන් විදිහේ ප්‍රතිසංවිධානයක් පක්ෂය හා ආණ්ඩුව තුළ සිදු විය යුතුයි.

තනතුරු මාරු කරා කියලා, යූන්පී කාරයින්ට සමෘද්ධිය ලැබෙන්නේ නැතිනම්, රැකියාවක් ලැබෙන්නේ නැතිනම්, අවුරුදු 20 ක් තුළ වූ දේශපාලන පළිගැනීම් වලට සාධාරණ වෙන්නේ නැතිනම් , ගම් මට්ටමේ සංවර්ධනය සිදු වෙන්නේ නැතිනම් ඒ ප්‍රතිසංවිධානයක් කලා කියලා තේරුමක් නෑ. ප්‍රතිසංවිධානයක් කරන්නේ ඡන්දයක් ජයග්‍රහණය කරන්නයි. දේශපාලනය කරන කවුරුත් හැමදාම විපක්ෂයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ නෑනේ.

රාජ්‍ය බලය ගත්තු අය රැක ගන්න බලාපොරොත්තු වෙනවා. නැති අය එය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ දෙයට හරියන ආකාරයේ ප්‍රතිසංවිධානයක් විය යුතුයි යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

Related posts

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin

සුරූපිනියක ලෙස පෙනී සිටි හතලිහේ තිදරු මව තරුණයෙකුගෙන් ලක්ෂ 8ක් ගරාගෙන

colombotoday

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday

දේශබන්දුට එරෙහිව අලුත් කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂකයක්

colombotoday

ලංකාවේ 65කගේ නම් පැනමා බදු වංචා ලයිස්තුවේ… සම්පූර්ණ වාර්තාව එළියට එයි

colombotoday