Colombo Today Local News

විධායකය අහෝසි කරන 20වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙන් පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ක්‍රමට අහෝසි කිරිම සඳහා වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ලබන 19වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා ලබා දී බලයට පැමිණි එජාපයටත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් එය අහෝසි කිරීමට සංශෝධනයක් ගෙනඒමට වුවමනාවක් නැති බවත් ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බවත් එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

මේ වනවිට එහි කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කර ඇති බවත් එම කෙටුම්පත සැකසීමේදී සංශෝධනය ගෙන එන කාල රාමුව, ඇතුළත් වන කරුණු සම්බන්ධයෙන් සහ සම්මත කරගැනීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව මෙම සංශෝධනය නිසා ආණ්ඩුකාරවරයාගේ බලය වෙනස් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා කෙටුම්පත සැකසීමට සැලකිලිමත් වි ඇති බවත්, ඒ වගේම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකින් බිහි වන්නේ දුර්වල ආණ්ඩුවක් බවත් එම දුර්වල ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විධායක ජනාධිපතිවරයා බවටත් මතයක් තිබෙන බැවින් විධායක ජනාධිපත් ධුරය අහෝසි කරන සංශෝධනයකට මැතිවරණ ක‍්‍රමයේ සශෝධනයක් විය යුතු බවට කවුරුන් හෝ යෝජනා කරනවා නම් එම සංශෝධන දෙකම ඇතුල් කිරීමට වුවද සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මහින්ද ට්වීටර් හරහා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියයි.. මෛත්‍රීටත් පණිවිඩයක් දෙයි !

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

විදුලි රැහැනක් ඇද අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට

Admin

එජාප මන්ත්‍රී මන්සූර් සහරාන් ත්‍රස්තයාගේ බිරිදගේ සැප දුක බලන්න රෝහලට ඇවිත්.. හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්

colombotoday

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කර ඇත්නම් වහා ලබා දෙනු – කෝට්ටේ සංඝ සභාව අධිකරණ ඇමැතිනීයට දන්වයි

colombotoday