තෙල්දෙණිය මැදදුම්බර ප්රදේශයේ මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යෑම නිසා එම ප්රදේශයෙ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.
දින කිහිපයකට ඉහතදී වාහනයකට ඉඩ නොදුන්නේ යැයි පවසමින් ඉදිරිපසින් ධාවන වූ වාහනයේ සිටි පිරිසට මුස්ලිම් ජාතික පිරිස පහර දි තිබෙන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙක් මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඉන් එක් අයෙකු අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ යැයි සැකකෙරෙන පස් දෙනෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවයි වාර්තා වන්නේ.