Colombo Today Local News

ඇමති හරීන්ට සහ ජනපති සොයුරු කුමාරසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් අබලි කේබල් තොගයක් සම්බන්ධ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කළ බව සදහන් කරමින් ඇමති හරීන් ප්‍රනාන්දුට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජතික ව්‍යාපාරය ඊයේ (09) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2017 ජූලි 13 දා ටෙලිකොම් සමාගම විසින් එම අබලි කේබල් තොගය විකිණීම සදහා අංක L/0253/2017 යටතේ ටෙන්ඩර් පත් කැදවා තිබුණු අතර එම ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් ටෙන්ඩර් කැදවීමත්, ඊට අයත් අබලි කේබල් තොගයේ ප්‍රමාණය සදහන් නොකිරීමත් හේතු ලෙස දක්වා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති කුමාරසිංහ සිරිසේන, ටෙන්ඩර් මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා නම්කොට තිබේ.

අබලි කේබල් තොගය හිතවත් සමාගමකට ලබා දීමේ සූදානමක් පවතින බැවින් එම විශාල වංචාව වළක්වාගැනීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු බව රංජිත් විතානගේ මහතා පවසයි.

Related posts

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin

“උමාඔය අපේ සටන ජවිපෙ හයිජැක් කළා“ – බිදුනුවැව වෙළද සංගමය

colombotoday

නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් ගේන්න හදන වෑයම රාජපක්ෂලා කඩාකප්පල් කරන්න හදනවා – සම්බන්ධන්

colombotoday

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday