World

කොරෝනා එන්නත් ලබා ගැනීමේ අවස්ථා චීනය මැදිහත්වී නවත්වනවා | තායිවාන ජනාධිපතිගෙන් චෝදනා.

COVID-19 එන්නත ලබා ගැනීම සඳහා BioNTech සමඟ සිදුකල ගනුදෙනුව චීනය අවහිර කළ බව තායිවාන රජය පවසයි.

COVID-19 එන්නත් සඳහා ජර්මනියේ බයෝටෙක් එස්.ඊ සමාගම සමඟ ඇතිකරගත් ගනුදෙනුවක් අවහිර කිරීම ගැන තායිවානය සෘජුවම චීනයට චෝදනා කළේ ය.

තායිවානයට ඇස්ට්‍රාසෙනෙකා පීඑල්සී සහ මොඩර්නා ඉන්ක් වෙතින් මිලියන ගණනක් එන්නත් ඇනවුම් කර තිබුනද මේ දක්වා ලැබී ඇත්තේ 700,000 කට වඩා මඳක් වැඩි ප්‍රමාණයක් වන අතර, එන්නත් ලබා ගැනීමට හැකි වී ඇත්තේ එහි ජනගහනයෙන් 1% කට පමණකි.

තායිවානය මීට පෙර කියා සිටියේ බයෝ එන්ටෙක් සමඟ අවසන් ගිවිසුමක් අත්සන් කිරීමට නොහැකි වූ බවයි. එහෙත් එයින් ඇඟවුණේ චීනය එයට වගකිව යුතු බවයි.

චීනය තායිවානය තමන්ගේ භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කරන අතර තායිවානය සමඟ ගනුදෙනු කිරීම සීමා කරන ලෙස රටවල් හා සමාගම්වලට නිතර බලපෑම් කරයි.

තායිවානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ රැස්වීමකදී අදහස් දක්වමින් ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා සහ මෝඩර්නා සමාගම් වෙත ලබා දී තිබූ ඇණවුම් “සුමට” ලෙස නවත්වා ඇති බවයි.

“ජර්මනියේ බයෝ එන්ටෙක් සම්බන්ධයෙන් ගත් කල, අපි ජර්මානු සමාගම සමඟ ගිවිසුම සම්පූර්ණ කිරීමට ආසන්නව සිටියෙමු. නමුත් චීනයේ මැදිහත් වීම නිසා මේ දක්වා එය සම්පූර්ණ කිරීමට කිවුවේ නැත” යනුවෙන් ඇය පැවසුවාය.

Related posts

බටහිර කුරුස සන්ධානයට පහර දෙනු ! අල් කයිදාව මුස්ලිම් ලෝකයෙන් ඉල්ලයි

colombotoday

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමේ තීරණයක්.

colombotoday