Colombo Today Local News

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

ශ්‍රමශන්ති ජනතා ව්‍යාපාරය යටතේ ක්‍රියාවට නංවා ඇති කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා සෘජු විදේශ ආයෝජන මේ වනවිට ලැබෙමින් පවතින බව සඳහන් වේ.

ඒ අනුව, මෙරට මඤ්ඤොක්කා වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහාය ලබාදීමට ස්වීඩනයේ සහ ඉන්දියාවේ ආයෝජකයන් පිරිසක් ඉදිරිපත්ව සිටී.

ඔවුන් ඊයේ (06දා) පස්වරුවේ ජනාදිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්ක පදනම් කර ගනිමින් මෙම වගාව ප්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරෙන බවත්, ඒ යටතේ නව වගාබිම් හෙක්ටයාර් 6,000ක් පමණ වගා කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් සඳහන්ය.

මෙසේ ගොවීන් මඤ්ඤොක්කා වගාව සඳහා යොමුකර ඔවුන්ගෙන් මිලදී ගන්නා මඤ්ඤොක්කා මෙම නව කර්මාන්ත ශාලාව තුළ පිටි බවට පත් කෙරෙන අතර ඒ තුළින් සීනි නිෂ්පාදනයද අපේක්ෂා කරන බවත්, ස්වීඩන් තාක්ෂණයෙන් යුතු කර්මාන්ත ශාලාවේ කටයුතු මෙම වසරේදී ආරම්භ කෙරෙන බවත් සඳහන් වේ.

Related posts

ස්වර්ණමහල් ෆයිනැන්ෂල් අධ්‍යක්ෂවරුන්ගෙන් අපේක්ෂිත ඇප පෙත්සම්.

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday

අපි පාස්කු ප්‍රහාරට අලුත් පරීක්ෂනයක් කරනවා

Admin

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday