World

සැක කටයුතු ලෙස මරණයට පත් වු ඉන්දීය නළු සුෂාන්ත් සිංගේ පවුලේ 5 දෙනෙකු එකවර ජීවිතක්ෂයට.

සැක කටයුතු පසුබිමක මරණයට පත් වු තවමත් මරණය ගැන පරීක්ෂණ සිදුවෙන ඉන්දීය නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු එකවර ජීවිතක්ෂයට පත් වේ.

මෙකී පවුලේ සාමාජිකයන් හර්යානා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි ඕ පී සිංගේ සොහොයුරිය වන ගීතා දේවිගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට ගොස් පට්නා පලාතේ සිට ආපසු පැමිණෙමින් සිටියහ. සිං නමැත්තා නැසීගිය නළුවාගේ මස්සිනා ය,අභාවප්‍රාප්ත රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු අඟහරුවාදා බිහාර් ප්‍රාන්තයේ ලකිසරයි දිස්ත්‍රික්කයේ සිදුවූ රිය අනතුරකින් මරණයට පත් විය.

ඔවුන් (පවුලේ සාමාජිකයන්) ගමන් ගත් වාහනය අංක 333 ජාතික අධිවේගී මාර්ගයේ දී ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු විය.හින්දුස්ථාන් ටයිම්ස් හි වාර්තාවකට අනුව, ලඛිසරයි පොලිස් අධිකාරී (එස්පී) සුෂිල් කුමාර් පැවසුවේ, “එය පුද්ගලයන් දස දෙනෙකු පට්නා සිට ආපසු පැමිණෙමින් සිටි ට්‍රක් රථයක් සහ සුමෝ (SUV) ජීප් රථයක් එකිනෙක දැවැන්ත ගැටීමකි. සුමෝ රථයේ රියදුරු ඇතුළු 6 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ 4 දෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඩොන්

Related posts

ශෙයික් හසීනා පස්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට

Admin

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

වෙනිසියුලා ජනපති ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පන්නා දමති

colombotoday

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

colombotoday