සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ 63 හැවිරිදි පියෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් අම්පාර පෙරියනිලාවේලි ප්රදේශයෙන් වාර්තාවෙයි.
මෙලෙස ගෙල කපා ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ වයස අවුරුදු 29ක් වන අතර දියණියගේ වයස අවුරුදු 15කි.
දරුවන් දෙදෙනා ඝාතනය කළ පියා ද ගෙල කපාගෙන සියදිවි හානිකරගනීමට උත්සාහ කර ඇති අතර ඔහුව ප්රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ ඔහුවියේ පසුවන බවය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළෙන බවටද තොරතුරු වාර්තා වෙයි.