Colombo Today Local News

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති පට්ටලේ සමීර නොහොත් නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක් විසින් ඊයේ (27)දින සිදුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධානතම සාමාජිකයෙකු බවද අනාවරණය වේ.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, හඳුනානොගත් 50 සහ 14 ලෙස සඳහන් උණ්ඩ 08ක්, මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 06ක්, මිලිමීටර් 09 වර්ගයේ සරඹ උණ්ඩ 01ක්, අමෙරිකාවේ නිෂ්පාදිත රම්බෝ උල් පිහියක් සහ කඩුවක් තිබී සොයාගෙන තිබේ.

වයස අවුරුදු 35ක් වන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා පාදුක්ක පොලීසිය වෙත භාරදී තිබේ.

Related posts

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

colombotoday

“සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙනවා” – ඉන්දීය විදේශ ලේකම්

colombotoday

ජාජබ මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Admin

සියදිවි හානිකර ගැනීම් “පෙන්නන්න එපා”… ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අවසර

Admin